ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තව දුරටත්  ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල් 308.90 ක ද, පවතී. Continue Reading

කෝවිලකදී පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භය මැදට පැමිණ උද්ඝෝෂණයක නිරත වීමෙන් පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇති විය. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ පුද්ගලයෙකුට ආගමික ස්ථානයක වන්දනාමාන කිරීමට අවස්ථාව නැතිනම් එය පුද්ගලයෙකුගේ මානව අයිතිකම් උල්ලංඝනය කිරීමක්Continue Reading

මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති මිහිජය සෙවණ පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් 2024.02.05  දින අලුයම මරණ තර්ජන කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ටාශය විමර්ශන ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා. අදාල සිද්ධිය මුල් කරගනිම්න් කංජිපානිContinue Reading

ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100 ක ණයක් මෙරටට අනුමත කර ඇති බව මුදල් අමාත්‍යංශය පැවසීය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම ණය මුදල ලැබුණු බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කීය.  Continue Reading

නැවත වරක් රුසියානු ජනාධිපති ධූරය සඳහා ව්ලැදිමීර් පුටින් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අති විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති ධූරයට හිමිකම් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. 2024 රුසියානු ජනාධිපතිවරණය පසුගිය 16 වනදාContinue Reading

බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති  ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසය  පිපිරීම් දක්නට  ඇතැයි වාර්තා වේ. පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාවContinue Reading

රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 600කට අධික ප්‍රමාණයක් පෙරේදා(16) හිරවී තිබිණ. රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තිබෙන රේගු ත්‍යාග අරමුදලේ ශේෂය මුදල් අමාත්‍යාංශයට පවරන බවට මහාContinue Reading

කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 805 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහි වටිනාකම ලක්ෂ 5කට ආසන්න බවට අනාවරණය වී ඇත. මෙහිදී සැකකාර කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සන්තකයේ තිබී විද්‍යුත් තරාදියක් සහ කඩු දෙකක්Continue Reading

දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම Online සිදු කිරීමේ හැකියාව මේ වන විට ලබාදී ඇති අතර රාත්‍රී 7.00 සිට දුම්රිය ආසන වෙන් කිරීම කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නව ක්‍රමවේදයට අනුව දුම්රිය ආසන වෙන් කිරීම https://seatreservation.railway.gov.lk/mtktwebslr/ යන වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකි බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ සඳහන් කළේ.Continue Reading

පාසල්වල ක්‍රීඩා උත්සව කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත. අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.Continue Reading