බුදුරජාණන් වහන්සේගේ “පටි ධාතුව” තැන්පත් කර ඇති  ගඩොලින් තනන ලද ලොව විශාලතම ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසය  පිපිරීම් දක්නට  ඇතැයි වාර්තා වේ. පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාවContinue Reading

රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 600කට අධික ප්‍රමාණයක් පෙරේදා(16) හිරවී තිබිණ. රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තිබෙන රේගු ත්‍යාග අරමුදලේ ශේෂය මුදල් අමාත්‍යාංශයට පවරන බවට මහාContinue Reading

කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 805 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහි වටිනාකම ලක්ෂ 5කට ආසන්න බවට අනාවරණය වී ඇත. මෙහිදී සැකකාර කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සන්තකයේ තිබී විද්‍යුත් තරාදියක් සහ කඩු දෙකක්Continue Reading

දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම Online සිදු කිරීමේ හැකියාව මේ වන විට ලබාදී ඇති අතර රාත්‍රී 7.00 සිට දුම්රිය ආසන වෙන් කිරීම කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නව ක්‍රමවේදයට අනුව දුම්රිය ආසන වෙන් කිරීම https://seatreservation.railway.gov.lk/mtktwebslr/ යන වෙබ් අඩවිය ඔස්සේ සිදුකළ හැකි බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ සඳහන් කළේ.Continue Reading

පාසල්වල ක්‍රීඩා උත්සව කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත. අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.Continue Reading

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනා වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘‘සමන් කොල්ලා‘‘ යන අයගේ නිවසට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ලවු අතරContinue Reading

දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ ඕනෑම දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව මහතා පැවසීය.Continue Reading

අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය  කිරීමට තීරණය කර තිබේ. අනුරාධපුර නගරය මෙන්ම අනෙකුත් ඓතිහාසික නගර ද  ඩිජීටල්කරණය කිරීම සහ සිතියම්කරණය කිරීම වැදගත් බවත්,  ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් ප්‍රංශContinue Reading

අනියම් පුරුෂයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සීදුව මුතු වාඩිය ප්‍රදේශයේ කුලීකාමරයක් තුළදී බෝතල් කටුවකින් ගෙල කපා කාන්තාවක ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි.මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 26 පලුගොල්ලාගම, මෙගොඩ වැව ප්‍රදේශයේ කාන්තාවකි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය සිදු කරයි.Continue Reading

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (14) නියෝග කර තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබෙන්නේ. සැකකරු 2011 වසරේ ජනවාරි මසContinue Reading