හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහකළ තවත් නෞකාවක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. මෙලෙස ආපසු හරවා යාවා ඇති නෞකාව ඉරාන ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ USS Spruance (DDG-111) ප්‍රහාරක නෞකාව මඟින් බව වාර්තා වෙයි. මෙම නෞකාව සමඟContinue Reading

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදුකළ 2,000කට ආසන්න වැටලීම්වලින් වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බවය.Continue Reading

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි.  ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය හෙට (16) නොපැවැත්වෙයි.  එමෙන්ම අනිද්දා (17) දිනයේ පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය ද නොපැවැත්වෙන බව ද පොලිසිය සඳහන් කරයි.Continue Reading

මන්නාරමේ – වංගාලපාඩුව මුහුදේදී ධීවර යාත්‍රා දෙකක් එකිනෙක ගැටී පෙරලීමෙන් සිදුවූ අනතුරින් එක් ධීවරයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.  අද (15) අලුයම මෙම අනතුර සිදුව ඇති බව ආරංචි මාර්ග මගින් වාර්තා විය. එහිදී ධීවර ‌යාත්‍රා දෙකට දැඩි හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.  බෝට්ටුව පෙරළීමෙන් ධීවරයෙක් දියේ ගිලී අතුරුදන් වූContinue Reading

කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබාගෙන, වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කරනු ලැබූ අයෙකු බවද සඳහන් වේ. පොලීසිය පවසන්නේ, වෛද්‍යවරිය විසින් සැකකරුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී ඔහු ඇයගේ පපු ප්‍රදේශයContinue Reading

මෙරට රත්‍රං මිල ගණන් රුපියල්  4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 369,900ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (11) වනදා එය දැක්වුණේ රු. 366,200ක් ලෙසය. මේ අතර සෙනසුරාදා රු. 398,000ක් ලෙස පැවතිContinue Reading

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට පිටත්වී ඇති අතර, රේඩියෝ සම්බන්ධතාව මඟින් ආපසු ගමන් ඇරඹීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. මෙම නෞකා දෙක සමඟ ඉරානයෙන් පිටත්වූ නෞකා 06ක් පමණContinue Reading

අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා සඳුදා සහ ඊයේ (14)  දෙදින පමණක් නිවාඩු හිමි වුණි. මේ අතර සිංහල සහ දෙමළContinue Reading

වැල්ලවාය, මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේ දී අද (15) අලුයම දී ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මාරක අනතුරක් සිදුවී තිබේ. එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි රියදුරු මියගොස් දරුවන් දෙදෙනා සහ බිරිඳ බරපතළ තුවාලContinue Reading

දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත්, රජයේ වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක්විය.  අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීම ද ඊට සමගාමීව සිදු වූ බවContinue Reading