ආණ්ඩුවට එරෙහිව විරෝධතා පාගමන පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අද සවස කොටුව ලංකා බැංකු මාවත සහ ඕල්කොට් මාවතට පිවිසීමට උත්සාහ කිරීම නිසා එය වැලැක්වීමට පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.Continue Reading

බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය දැනුම් දී තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයිContinue Reading

ජූලි 09 සාමකාමී ජනතා විරෝධතාවය පිළිබදව ගෝඨාගෝගම නියෝජිතයින් විසින් අද දින එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන ලදී. ජනතාවගේ භාෂණයේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෙන්වෙන් උපරිමයෙන් පෙනී සිටින බවත් , මෙම විරෝධතාවය පිළිබදව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත් ඔවුන් දන්වා සිටියහ.Continue Reading

ලබන සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි ලියනගේ සඳහන් කළේ.ඒ අනුව දැනට පවතින බස් ගාස්තුවට සාපේක්ෂව අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළContinue Reading

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද සහ හෙට දින ඇතුළුවීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන්Continue Reading

ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙකි. අදාළ ගැටුම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. මෙම ගැටුම ඇතිවී ඇත්තේ ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකය.Continue Reading

හෙට (08) සහ අනිද්දා (09) දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ගෝෂණකරුවන් ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අධිකරණය එහිදී සඳහන් කර ඇත්තේ අපරාධයක් සිදුවූවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල ඇති හෙයින් අදාළ ඉල්ලීමContinue Reading

පිටකොටුව බෝ ගස ඉදිරිපිට මහා සංඝරත්නය විසින් මීට සුළු මොහොතකට පෙර සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය. ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමින් මහා සංඝරත්නය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.Continue Reading

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරු වාහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පැවසීය. දුම්රිය අවලංගු කිරීමෙන් එම දුම්රිය ස්ථානවලට රොක්වන ජනතාව කුපිත වීමෙන් ස්ථානාධිපතිවරුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් ඇති බව කී කසුන් චාමර මහතා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් එමContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලී අනුපාත සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කරContinue Reading