සතොසට හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළවය. ඒ අනුව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදුකර ඇත. ඒ අනුව මෙම හමුව එරට වේලාවෙන් හෙට පෙරවරු 10ටContinue Reading

වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ. ඒ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් එරට වේලාවෙන් මේ වන විට පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදීය. එහිදී ට්‍රම්ප් සඳහන් කරනුයේ තමන්ගේ මග පෙන්වීම අනුව වෙනිසියුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වාContinue Reading

පසුගිය වසර තුළ (2025 දී) රාජ්‍ය නිලධාරීන් හැත්තෑහය දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත් නිලධාරින් අතර බහුතර පිරිසක් පොලිස් නිලධාරින් වන අතර එම සංඛ්‍යාව විසිහතරකි. පසුගිය වසරේ වැටලීම් එකසිය දහනවයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම වසරේ මාස එකොළහක් තුළ දීContinue Reading

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. අදාළ සිද්ධියට මුහුණ පෑ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (2) රාත්‍රියේ පණිවුඩයක් ලැබී ඇත. ඒ අනුව ‍වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධියContinue Reading

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය. සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරනContinue Reading

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය ඊයේ (1) රාත්‍රියේ මේ බව පැවසීය. රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයටContinue Reading

ව්‍යාජ රන් භාණ්ඩ අළෙවි කළ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ රන් භාණ්ඩ අළෙවි කිරීම හා නිෂ්පාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවටContinue Reading

සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහත කරුණු සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙසය. 2026 වසරේදී මේ සම්බන්ධව මහජනතාවගේ අවධානයට තවදුරටත් යොමු කරමින් සැලසුම් සහගතව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා ඇතිContinue Reading

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2025 සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලය දක්වා පමණක් බලපත්‍ර අලුත් කිරීම සිදුකරනContinue Reading