සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් අඬාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීම සඳහා තවදුරටත් යුද හමුදා සෙබළුන් 1,100ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (13) දිනයේදී වැඩවර්ජනයක් ආරම්භ කළේය. එය දෙවැනි දිනටත් අද දිනයේ ද සිදුකිරීම හේතුවෙන් මහජනතාව දැඩිContinue Reading

මෝදර මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්ලුව මහතා පැවසීය. තුවාල ලද එම පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.කළමනාකරු අවන්හලේ ගේට්ටු ආසනයේ රැඳී සිටියදී පිස්තෝල වර්ගයෙන් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතිContinue Reading

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ගාල්කර තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර  මුළුමනින්ම ගිනිගෙන  ඇති බව වාද්දුව පොලිසිය පවසයි. කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ අමිල ඉන්දික ඇතුළු ගිනි භඨයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කරන ලදී. වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බව සදහන් වේ.Continue Reading

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර තිබේ.Continue Reading

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලකෑමේ සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය මෙම තීරණය ගෙන ඇත.Continue Reading

සිය යතුරුපැදියේ මාළු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැඳගෙන මාළු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල  කසිප්පු විකුණූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.  එම සැකකරුව රුපියල් 200,000ක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග අද (12) උදෑසන කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු හීනටියන ප්‍රදේශයේContinue Reading

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී  ජංගම මුර සංචාරයක නිරතව සිටි සාජන්වරයකුට වෙඩි තබා පළා ගිය සැකකරු අද සවස බිංගිරිය ප්‍රදේශයේදී අනියම් බිරිය සමග තීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. සැකකරුගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි පොලිස් සාජන්වරයා කොළඹ ජාතිකරෝහලේදී මිය ගොස් ඇත අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. විවිධ පාර්ශව මඟින් එල්ලවන විරෝධතා හමුවේ මෙමContinue Reading

අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවි තිබේ. දැනට වසර ගනනාවක සිට මෙම ස්ථානයෙන් ඔලුවිල් ඇතුලු ප්‍රදේශයට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර තිබේ. පසුගිය දා ඇතිවු දැවන්ත වර්ෂාව සමග ගල්ඔය ගග පිටාර ගැලිමත් සමගමContinue Reading

ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය මාගස්තොට පදිංචි පාසල් සිසුවෙකි. සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් බැඳ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ ගෙල අවාසනාවන්ත ලෙස එහි පැටලී ඇති බවට පොලීසිය සැකපළ කරයි.Continue Reading