සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. මුදල් පිළිබඳ කාරකා සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් විවාදයට ලක්වුණි.Continue Reading

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 22.2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116කි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවාගත්Continue Reading

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණContinue Reading

කුකුළු මස් විදෙස් රටවලින් ආනයනය කිරීමේ සූදානමක් පවතින බවට ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි. ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා පැවසුවේ, මිල නියාමනයක් නොකර දිගින් දිගටම මිල ඉහළයාමේ අවසන් ප්‍රතිඵලය වන්නේ කුකුළු මස් ආනයනය කිරීම බවය. “කුකුළු මස් හිඟයක් මවාපාමින් කෙලින්ම නිෂ්පාදකයාට ඇඟිල්ල දික් කරන්න වැඩක් හදනවා. තවContinue Reading

දුෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්වීය. ඉස්මතුකර ඇති අනුකූල නොවන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති පරිදි සංශෝධනය කළහොත් ගැටලුවක් මතුනොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවද ඔහු පැවසීය.Continue Reading

යාපනයේ දී පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණු දෙදෙනෙක්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පොලීසිය පැවසුවේ මරදන්කේනි අපොස සා පෙළ විභාග මධ්‍යස්ථානය අසල පසුගිය 02 වනදා සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ සේවයට සාපරාධී බලහත්කාරකම් පෑම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.  ඒ සම්බන්ධයෙන් සැකකාරියක් ව සහ සැකකරුවෙක් වContinue Reading

හලාවත දැඳුරු ඔයේ දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, දැඳුරු ඔයේ පාලම අසල දිය නාමින් සිටියදී ඔහු දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 26 හැවිරිදි පානදුර විජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තා වේ. අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමග අනුරාධපුරයේ විනෝදContinue Reading

දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍යContinue Reading

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකදී එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කළ බව රුසියාව පවසයි. යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ සපොර්ෂියා කලාපවලදී යුක්‍රේන හමුදා එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය ව්‍යර්ථ කරමින් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගොර් කොනෂෙංකෝ පැවසුවේය. ඊට පෙරදිනයේදීContinue Reading

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගනිමිනි. තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය. මේ අතර ඊයේ දිනයේ දී මීටර් 400Continue Reading