යාපනයේ දී පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණු දෙදෙනෙක්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පොලීසිය පැවසුවේ මරදන්කේනි අපොස සා පෙළ විභාග මධ්‍යස්ථානය අසල පසුගිය 02 වනදා සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ සේවයට සාපරාධී බලහත්කාරකම් පෑම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.  ඒ සම්බන්ධයෙන් සැකකාරියක් ව සහ සැකකරුවෙක් වContinue Reading

හලාවත දැඳුරු ඔයේ දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, දැඳුරු ඔයේ පාලම අසල දිය නාමින් සිටියදී ඔහු දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 26 හැවිරිදි පානදුර විජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තා වේ. අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමග අනුරාධපුරයේ විනෝදContinue Reading

දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍යContinue Reading

යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකදී එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කළ බව රුසියාව පවසයි. යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ සපොර්ෂියා කලාපවලදී යුක්‍රේන හමුදා එල්ල කළ මහා පරිමාණ ප්‍රහාරය ව්‍යර්ථ කරමින් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍ය ඉගොර් කොනෂෙංකෝ පැවසුවේය. ඊට පෙරදිනයේදීContinue Reading

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගනිමිනි. තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය. මේ අතර ඊයේ දිනයේ දී මීටර් 400Continue Reading

වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධවීමට සහ එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) ඒ බව පැවසීය. ඔහුContinue Reading

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze මහත්මිය ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී , ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි පැවසීය. මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී අද (5) පැවැත්විණි.Continue Reading

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. ඒ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනී. එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එය කැඳවීය. එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමිContinue Reading

බම්බලපිටියේදී ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ ත්‍රිකුණාමලය අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සැරයන්වරයෙකි. තවත් සෙබළුන් කිහිපදෙනෙකු සමග රාජකාරියේ නිරතව සිටියදී බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ ඉඩමක් තුළ පිහිටි පාළු නිවසක් ආසන්නයේදී අදාළ සැරයන්වරයා මෙලෙස වෙඩිතබාගෙන ඇති බවට අනාවරණය වීContinue Reading

අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැරට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී සිරුරට ගිනි ඇවිලිමෙන් පූසාරීවරයෙකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක් බව පොලීසිය පවසයි. ඔහු නමින් ආශිර්වාදන් සුන්දර් කුමරන් නම් 44හැවිරිදි පුද්ගලයෙකි.Continue Reading