යාපනයේදී දෙදෙනෙක් අත්අඩංගුවට

යාපනයේ දී පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණු දෙදෙනෙක්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලීසිය පැවසුවේ මරදන්කේනි අපොස සා පෙළ විභාග මධ්‍යස්ථානය අසල පසුගිය 02 වනදා සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ සේවයට සාපරාධී බලහත්කාරකම් පෑම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි. 

ඒ සම්බන්ධයෙන් සැකකාරියක් ව සහ සැකකරුවෙක් ව ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය කිලිනොච්චිය මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ අතර සැකකරුව අද (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.       

එම සිදුවීම වාර්තා වී ඇත්තේ යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලකදීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ පාර්ශ්වයෙන් ද වරදක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොලිස් බුද්ධි නිලධාරීන් තමාට හැඳුනුම්පත නොපෙන්වූ බවට මන්ත්‍රිවරයා කරන චෝදනාව ද අසත්‍ය බවය.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල මේ වනවිට ආන්දෝලනයක් මතුකර තිබේ.

Leave a Reply

Your email address will not be published.