නිලාවේලි පරවි දූපත ආසන්නයේ පිහිටි “ඒන්ජල් රොක්” නැමති කඳු ගැටයට ගොඩබිම සිට පිහිනා ගිය චීන තරුණියක් ආපසු ගොඩබිමට පීහිනමින් සිටියදි දියවැලකට හසුව ගසාගෙන යද්දි පරවි දූපතේ ස්ථානගත පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු එම චීන තරුණිය ඊ⁣⁣⁣යේ (31)  බේරා ගැනීමට සමත්වූහ.                 ගොඩබිම සිට කිලෝමීටරContinue Reading

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ අද (31) සහ හෙට (01) දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් මෙලෙස හෙට දිනයේ ඉරට්ටේ අංක යෙදෙන රථContinue Reading

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, කෙටි කෑම මිලද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවය. මේ අතර ප්ලේන්ටියක් සහ කිරි තේ එකක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබේ.Continue Reading

මීට දින දෙකකට පෙර නිවසින් අතුරුදහන්ව සිටි දෙදරු පියෙකුගේ මළසිරුර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේ බෝක්කුවත් තුල තිබී අද (31) අලුයම සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වටවල – වැලිඔය වත්තෙ පදිංචිව සිටි  දෙදරු පියෙක් බවයි පොලිසිය සඳහන් කළේ. සිය සැමියා දින දෙකක් තිස්සේ නිවසට නොපැමිණි බව පවසමින් බිරිද විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර පසුව එම වතුයායේContinue Reading

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන් පොදු එකඟතාවකට පැමිණ මෙම තීරණය ගෙන ඇති බවය. මෙමContinue Reading

ඩුබායි වරායක නවතා තිබූ තම බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව කුවේටය පවසයි. මෙම ප්‍රහාරයෙන් නෞකාවට යම් හානි සිදුවී ඇති නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අදාළ නෞකාව තෙල්වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබූ අතර, ඒContinue Reading

හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ  සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා මේ බව දැනුම් දී තිබේ. කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත්Continue Reading

රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මේ වනවිට එවැනි ජල කප්පාදුවක්Continue Reading

මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධනය පිළිබඳව දැනුම්දීමට නියමිතව ඇත. ඒ අනුව අද පස්වරු 2.00ට පමණ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව එම කොමිෂන් සභාව විසින් නිල වශයෙන් දැනුවත් කිරීමටද නියමිතය.Continue Reading