BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි. කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය. “ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තරContinue Reading

මරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි. නමුත් එය සැබවින්ම ආරක්ෂිතද යන්න මේවන විට ගැටලුවක් වී තිබේ. අගනුවර පවතින ගුවන් පාලම් අතර පැරණිතම පාලමක් ලෙස සැලකෙන මරදාන ගුවන් පාලම ඉදිකර ඇත්තේ 1978 වසරේදී පමණය. එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ පාලමContinue Reading

මේ දිනවල ආසියානු කලාපයේ පැතිරෙමින් පවතින කොවිඩ් (Covid) ප්‍රභේදය මෙරටින් හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කරයි. කොවිඩ් ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවදContinue Reading

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනුයේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවය. ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලුContinue Reading

උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.Continue Reading

ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. බදු ශක්ති නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර හෙට සිට 07වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්Continue Reading

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරුContinue Reading

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නොවුඩ්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.Continue Reading

වැල්ලවාය, ඌව කුඩාඔයට අයත් ඇතිලිවැව ප්‍රදේශයේදී මුගුරකින් සිදුකළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා සිය මවට පොරවකින් පහරදීමට උත්සාහ කර මවගේ බෙල්ලට පොරව තබා ඇති බව සඳහන්. එය දුටු එම මවගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා (මියගිය පුද්ගලයාගේ මස්සිනා) මුගුරක් රැගෙන ඔහුට පහරදී ඇත. එම පහරදීමෙන් එම පුද්ගලයා නිවසContinue Reading

ගෘහස්ථ නොවන රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම රැකියා ගිවිසුමට අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සහතිකකිරීම අනිවාර්ය කර තිබේ. ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රමිකයින් මුහුණදෙන ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව විදේශ සේවාContinue Reading