කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ඉහළ මහළකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. Continue Reading

ඒඩ්ස් රෝගය වැලඳුනු පුද්ගලයින්ගේ වර්ධනයක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පෙන්නුම් කරන බව ලිංගාශ්‍රිත රෝග සහ HIV මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පවසයි. ඔහු පැවසුවේ, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා, “අපිට ගිය වර්ෂයේContinue Reading

වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගනු ලබූ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනුකළ  පෙත්සමේ තීන්දුව හෙට (23) දින ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. දෙපාර්ශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය  පෙන්වා දුන්නේContinue Reading

පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා විය. පුත්‍රයාට ද අදාළ පිරිස විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පියාගේ දේහය දැකගැනීමට පුත්‍රයා අද (22) නිවසට පැමිණියේය. ඇහැළියගොඩ, පරකඩුවContinue Reading

අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල මෙම අනතුර සිදුවී ඇත. තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.   තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි. කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැවContinue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසති. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරුContinue Reading

පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරනContinue Reading

මාතර කැකනදුර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 15 වෙනිදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පළාගොස් තිබුණි. වෙඩිතැබීමෙන් මියගොස් තිබුණේ, සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.Continue Reading

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේContinue Reading

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  අගෝස්තු මාසයේ දී එය සටහන් වූයේ 1.1%ක් ලෙසය. 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී  0.5%ක්Continue Reading