මීගොඩ පැවැති වෙසක් දන්සලකදී පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර තිබේ. සැකකරු අද (01) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. Continue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍යContinue Reading

මීගොඩ හයිලෙවල් මාර්ගයේ දන්සලක් අසලදී සිදු වූ බිහිසුණු අනතුරින් මියගිය පිරිස අතර එකම පවුලේ ඥාතීන් සිව්දෙනෙකු සිටින බව වාර්තා වුණි. එම සිව්දෙනා අතර පිළියන්දල වෑවල පල්ලිය පාර ලිපිනයේ පදිංචිව සිට් 56 හැවිරිදි පි බි ඉන්ද්‍රාණි නැමැති කාන්තාවක්, 35 හැවිරිදි ඇයගේ දියණිය වන නවීෂා නිලක්ෂි, 38 හැවිරිදි ඇයගේ බෑණා වන ලසිකContinue Reading

මනම්පිටිය, මහවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගසකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  අදාළ පුද්ගලයා සහ තවත් පිරිසක් එක්ව ගසක් කපා ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.  මනම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.Continue Reading

මියන්මාරයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක පිහිටි ගමක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 55දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මියගිය පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමින් 30 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  පතල් කැණීම් සදහා යොදා ගන්නා පුපුරණද්‍රව්‍ය හේතුවෙන් අදාළContinue Reading

බෙලරුස් රාජ්‍යයට අයත් බෙලාවියා ගුවන් සේවය ඔක්තෝබර් 27වනදා සිට නැවතත් ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත. මෙම ගුවන් සේවය එයාර්බස් ඒ330-200 ගුවන් යානා යොදාගනිමින් අඟහරුවාදා දිනවලදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව මින්ස්ක් නුවරින් පෙ.ව 12:50ට පිටත්වන එම ගුවන් යානය පස්වරු 12.40 වන විට මත්තල ගුවන්Continue Reading

හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ඉල්ලා සිටී. පද්ධතියේ ස්ථායීතාවය රැක ගැනීම සඳහා ස්වේඡාවෙන් තම සූර්යContinue Reading

රජය විසින් ආනයනය කළ මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් (Battery Energy Storage System – BESS)අද (30) අලුයම කොළඹ වරායට ගෙන එනු ලැබීය. 2025 වසරේ ජූලි මාසයේදී මෙම ධාරිතාව සහිත බැටරි 16ක් ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවූ අතර, ඉන් 6ක් මෙලෙස රැගෙනවිත් තිබේ. මේ පිළිබඳ නිවේදනයක් නිතුක් කරමින්Continue Reading

පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය, අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් පැවසීය. බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවුඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බවද ජනපති යොමුකළContinue Reading

සම්බුදු තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනයකදී යි. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් බැතියෙන්  යුතුව සමරනු ලබයි. තිලෝගුරුContinue Reading