හාලිඇල, උඩුවර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා විසින් සිය කුඹුරු ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ඇති බවය.  මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.Continue Reading

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. අද (18) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටි අතර, එහිදී පවසා සිටියේ එම සැකකරුට විරුද්ධව මෙරට අධිකරණවලContinue Reading

මුදල් ආරවුලක් හේතුවෙන් සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  මෙලෙස ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බව පැවසෙයි.  පොලිසිය සඳහන් කළේ, මරණකාරිය හා ඇයගේ පුත්‍රයා අතර ඇති වූ මුදල් ආරවුලක්Continue Reading

වැලිගම, පරණකඩේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (17) රාත්‍රියේ තරුණයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ පරණකඩේ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.  මියගිය තරුණයා සිය මව, පියා, සහෝදරයින් දෙදෙනා හා මවගේ වැඩිමහල් සහෝදරයා සමග නිවසේ ජීවත්ව සිට තිබේ. එහිදී ඝාතනයට ලක්වූ තරුණයා හා මවගේ වැඩිමහල් සහෝදරයා අතර ඇතිContinue Reading

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමුContinue Reading

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න යන අය  ඉදිරිපත් කළ කරුණුContinue Reading

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ. අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍යContinue Reading

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේදී මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි. එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවයි. මේ අතර අමෙරිකාවේ සිට මෙරටට පැමිණීමටContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමගයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම අවිආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.Continue Reading

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි. එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවය. එමෙන්ම තවත් නෞකාවක් මෙමස අග වනContinue Reading