නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් මත්තල ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගංජා වගාකළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය, කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. එම සැකකරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට අයත් අක්කර 10ක භූමියක් කුලියට ලබාගෙන ඉන්Continue Reading

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට ඇතුළු වූ සොරුන් පිරිසක් එහි ගෝනිවල දමා තිබූ ලක්ෂ ගණනක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු සොරාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ පඬුරු ගබඩාව දේවාලයේ බස්නායක නිළමේවරයාගේ නිල නිවසේ කොටසක ඉදිකර තිබෙන අතර, එයට යකඩ ආවරණයක් ද දමා ඇත. එසේ තිබිය දීContinue Reading

රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් දින තුනක් රදවා ප්‍රශ්න කිරීම සදහා පුත්තලම අංක දෙක මහෙස්ත්‍රාත් එස්.ඒ.එම්.සී.සතුරුසිංහ මහතා කල්පිටිය පොලිසියට  නියෝග කළේය. මෙසේ පැය 72ක කාලයක් රදවා ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා දී තිබුනේ කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී ත්‍රි රෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2Continue Reading

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇතිවී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල් දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ බව සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් නිකුත්කරන ලද “Global Economic Prospects 2023” නම් වාර්තාවෙහි ය.   දරිද්‍රතාවය හේතුවෙන් බොහෝ පවුල් පෝෂ්‍යදායි ආහාර සඳහා කරන වියදම් අඩුකර ඇති බව එහිContinue Reading

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11) කැඳවනු ලැබ සිටිති. එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමුContinue Reading

ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය. “රජය සමග කරපු සාකච්ඡාවේ දී දැනටමත් අපේ ජනතාවට තියෙන ප්‍රශ්න කිහිපය ගැන සාකච්ඡා කළා. එකක්Continue Reading

මේ රටේ වෘත්තිකයින්ගේ වැටුපෙන් අයකර ගන්නා බදු මුදලට වඩා වැඩි ආදායමක් රටට අහිමි කර ඇති බැඳුම්කර වංචාවෙන් සහ සීනි බදු වංචාවෙන් රජයට ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ වයඹ පළාත් ශාඛාවේ ලේකම් චමින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය. රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින්Continue Reading

2022 වසරේ නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 553ක වෙළෙඳ ගිණුමේ හිඟයට සාපේක්ෂව මෙම වසරේ එම හිඟය ඩොලර් මිලියන 450ක් දක්වා පහළ බැස ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුවContinue Reading

මෝදර, ලෙල්ලම, මුහුදු තීරයේදී ධීවර බෝට්ටු 07ක් ගිනිගෙන විනාශ වී තිබේ. අද (11) අලුයම 01.30ට පමණ ගින්න සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. ගින්නෙන් තවත් බෝට්ටු එංජින් 02ක් සහ ධීවර ආම්පන්න කිහිපයක් විනාශ වී තිබේ. හෙට්ටියාවත්ත ගිනිනිවීම් ඒකකයේ නිලධාරින් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇත. ගින්නට හේතුව මෙතෙක්Continue Reading

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතා අද (10) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සහ සහකාර මහ‍ ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරුන්  විසින් මහ ලේකම්වරයා ඇතුළු පිරිස පිළිගනු ලැබීමට නියමිතය. ඒContinue Reading