සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද (09) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතය. සියයට 65කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.    කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිතContinue Reading

වව්නියාව පොලිස් වසමේ පුද්ගලයෙකු ළිඳකට වැටී පුද්ලයෙකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි වව්නියාව කුරුමන්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (08) අලුයම් කාලයේදී වව්නියාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි. මරණකරුගේ බිරිඳ තම ස්වාමිපුරුෂයා ළිඳේ වැටී සිටිනු දැක ප්‍රදේශවාසින් සමග එක්ව ගොඩට ගෙන පරීක්ෂා කිරීමේදී මියගොස් ඇති බවට දැනගැනීමෙන්Continue Reading

කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති බව පැවසෙන ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ එහි භාරකරුවන් විසින් අද උදෑසන එම ඉවත් කිරීම් ආරම්භ කර ඇති බවය. මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරිContinue Reading

මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන එම සැරෙන්වරයා සමග ආරක්ෂක රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහුට රාජකාරි සඳහාContinue Reading

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද (08) දිනයේ සිට, කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබේ. උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් ගත වන බවට ඇස්තමේන්තු කර ඇත.Continue Reading

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රුපියල් 20,000 ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000 ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.Continue Reading

රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමක් ඇති හොරයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ 63 හැවිරිදි මෙම කාන්තාව “වැල්ලම්පිටිය කුඩු ස්වර්ණා” යන අනුවර්ථන නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බවය. සැකකාරිය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි මිලිගෑම් 940ක් පොලීසිය භාරයට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණContinue Reading

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ  ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී  මිලට ගත් එන්නත් ඒකක 7000 කින් 5612ක් 2020 වර්ෂයේ ජුලි  16 වැනිදා වනවිටත්  ගබඩාවල ඉතිරිව තිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. ඒ අනුව මෙම ඖෂධයේ හදිසි අවශ්‍යතාවක් තහවුරු නොවූ බවContinue Reading

වාර්ථමානයේ මෙරට තුළ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ නම් මුදල් මුද්‍රණය කළ යුතු බැවින් එලෙස මැතිවරණයක් පැවැත්වීම ලෝක වාර්තාවක් වන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.     “ඡන්දය තියන්න පුලුවන්Continue Reading

බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ බස් නැවතුමක් අසල ගසක එල්ලා තිබූ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.  පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය. පවිත්‍රතා සේවකයෙකු වන අදාළ සැකකරු මොරොන්තුඩුවේ සිට රැගෙන ආ ජීව අත්බෝම්බයක් පොලීතින් බෑගයක දමා බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ මාර්ග අංක 154 බස්රථ නැවතුම් පොළක්Continue Reading