මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ මල්ලක් සමඟ පුද්ගලයෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන ගල්ලෑල්ල තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කඳවුර වෙත ලද තොරතුරුකට අනුව කාර්තිවු ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබූContinue Reading

අනුරාධපුර අටමස්ථානාධිපති තනතුරට අභිනවයෙන් පත්ව සිටින ප්‍රවීණ ගීත රචක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එකී නව ධුරයේ වැඩ භාර ගැනීමේ පු‍ණ්‍ය මහෝත්සවය අද (11) දින පෙරවරු 6 30ට අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ. මෙදින පෙරවරුවේ පූජ්‍ය හේමරතන හිමියන් රුවන්මැලිසෑ විහාරස්ථානයේ සිට විශේෂ පෙරහරකින් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්Continue Reading

මෙරට අධි සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල අද (10) හඳුන්වාදීම සිදුකෙරුණි. ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.  එම අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, “මේ නිවාස මිලදී ගන්නා අයට ඩොලර් ලක්ෂ 2ක ආයෝජනයක් කළොත් වසර 10ක් දක්වාContinue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පොලීසිය සමග එක්වී අද (10) විශේෂ වැටලීමක් සිදුකර තිබේ. ඒ, අධික වශයෙන් දුම පිටවන වාහන පරීක්ෂා කිරීම සඳහාය. අප වාර්තාකරු සඳහන් කළේ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත නගරයේදී සිදුකළ වැටලීමකදී අධික ලෙස දුම පිටවන වාහන 20ක් පමණ හඳුනාගෙන තිබූ බවය.Continue Reading

සුඛෝපභෝගී බස් රථයක් සහ කාන්තාවක් පදවාගෙන ගිය යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ. හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ දී සිදුවූ එම අනතුරෙන් කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 42ක ගෝනපොල කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. අනතුරත් සමග රියදුරුට පාලනය කරගැනීමට නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් තිබේ. අනතුරContinue Reading

මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමිට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. මහියංගනය පොලීසිය පැවසුවේ වටරැක විජිත හිමියන් සිදු කළ පැමිණිල්ලක් මත සභාපතිවරයාව අත්අඩංගුවට ගත් බවය. පසුගිය 27 වනදා ප්‍රාදේශීය සභා රැස්වීම අතරතුර මෙම පහරදීම සිදු වූ බවට පැමිණිලිකාර හිමියන් පවසයි. ඒ අනුව අත්අඩංගුවටContinue Reading

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත සඳහා අලුත් විෂ මත්ද්‍රව්‍ය වර්ග ඇතුළුකර ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද (10) පනත් කෙටුම්පත් 09ක් සහ රේගුලාසි සම්මුතියක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. අමාත්‍යවරයා සඳහන් කළ සිටියේ, විෂ වර්ග, අබිංContinue Reading

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වූ කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක් වූContinue Reading

වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු මෙරටින් හඳුනා ගැණුන ද එය වසංගතයක ආරම්භයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවය. ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු වඳුරු උණ ආසාදිතයෙකු ලෙස ඊයේ (09) දිනයේත් හඳුනාගැනීමත් සමග මෙරටින්Continue Reading

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව පොදු සමා කාලය තුළ දී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා හැකියාව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි. ලබන 15 වන දින සිටContinue Reading