නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව නාල්ල පොලීසිය පවසයි.  මෙම සිදුවීම අද (25) අලුයම 2.35ට පමණ නාල්ල පොලිස් වසමේ තලහේන හන්දිය අසලදී සිදුව තිබුණි. නාල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් රාත්‍රී ජංගම සංචාරයේContinue Reading

සතිඅන්ත නිවාඩුවත් සමග නුවරඑළියට දෙස් – විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ. නුවරඑළිය ප්‍රදේශයට මෙම දිනවලදී අලුයම් කාලයේ මල්තුහින පතිත වීම දැක බලා ගැනීම සඳහා මෙසේ විශාල වශයෙන් පිරිස් පැමිණෙන බව වාර්තා වේ. වසර 17කට පසුව පසුගිය 22වනදා නුවරඑළියට අවම උෂ්ණත්වයක් වාර්තා විය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැක්වූයේ එය සෙල්සියස් අංශකContinue Reading

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ රුසියන් ජාතික කාන්තාවක් බව සඳහන් වේ. මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුContinue Reading

කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් අද (25) අලුයමදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම්Continue Reading

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට  රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (25) අලුයමදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු බවද එම කාර්යාංශ නිලධාරීන්Continue Reading

අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ නිවාසයක කාමරයක් තුළ සූක්ෂමව සඟවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව පතොරොමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අක්මීමණ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක් වන වතුගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අවිය සැකකරු විසින්Continue Reading

පසුගිය 2025 වසරේදී සයිබර් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්  මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය වසරේදී මෙම සයිබ අපරාධ 2,000කට අධික ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බවය. මෙම සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ මෙරට තරුණ ප්‍රජාව, සහ වැඩිහිටි ප්‍රජාවContinue Reading

පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන ලබන සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (24) දිනයේදී පුද්ගලයින් 30,236ක් පරීක්ෂාවට ලක්කළ බව පොලීසිය පවසයි. එම පරීක්ෂා කිරීම් මගින් සැකපිට පුද්ගලයින් 524 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 17ක් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනා ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය. තවද මෙම මෙහෙයුම් මගින් වරෙන්තුකරුවන් 256 දෙනෙකුContinue Reading

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්Continue Reading

ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිContinue Reading