පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත වූ අතර පසුව තෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 173ක් හිමිවූ අතර විපක්ෂව සරත් වීරසේකර මහතා පමණක් ඡන්දය භාවිත කර තිබුණි. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතවContinue Reading

සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරිකයින් 06 දෙනෙකු විසින් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත්කළ අධිආරක්ෂිත කලාපවලට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයකට සහභාගීවී සිටි තමන්ට පොලීසිය සිදුකළ පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවද ඔවුන් සඳහන් කරයි.  පෙත්සම්කරුවන්  සඳහන් කරන්නේContinue Reading

රාජ්‍ය අමාත්‍යවරුන්ට විශේෂ පහසුකම් සලසමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සම සලකාබැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියමකළේය. මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විතContinue Reading

2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එසේම අදාළ නිවේදනයේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සහ අවසන් කිරීම සිදුකෙරෙන ආකාරය ද ඇතුළත්. අදාළ නිවේදනය පහතින්. මේ අතර දීපවාලි දිනය සැමරීම සඳහාContinue Reading

පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත ස‍ංශෝධනය සදහා වූ ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්ප‍තෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ නිවේදනය කළේය. නව බලපත්‍රලාභීන්ට බලපත්‍ර ලබාදීම හා ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමContinue Reading

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන්Continue Reading

ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය. පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කරContinue Reading

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය. ඔහු පවසන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය එලෙස ගත්Continue Reading

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙමContinue Reading

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් අදාළ නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බවය. මේContinue Reading