එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇත. මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයින්ට හිමි වූ බව ද අද පැවතිContinue Reading

නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ රෙගුලාසි ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදීමට සූදානම් බවය. අද විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතාContinue Reading

රජය විසින් ලබාදෙන මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව දැනට ඇතැම් පිරිස් සඳහා රජය විසින් ලබාදී ඇති වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදු තොරව ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේContinue Reading

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට අද පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීContinue Reading

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය. මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගියContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කොටස් තුනකට බෙදී වෙන් වී ගොස් ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ කණ්ඩායම, බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ කණ්ඩායම ඒ අතර ප්‍රධාන වන අතර අනෙක් කණ්ඩායම වන්නේ ජනාධිපතිවරයා සමග ගමනක් යාම සුදුසු බව පවසන කණ්ඩායමයි. මේ අතර, ශ්‍රීContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියේ දී ශක්තිමත් නායකයෙක් නායකත්වය ලබා දෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව මෙම වෙනස සිදුවන බවය. ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් පෙනීContinue Reading

සීමා නිර්ණය ජනගහනය අනුව සහ භූගෝලීය පිහිටීම අනුව නැවත වෙනස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට සීමා නිර්ණය සම්බන්ධයෙන් බරපතල අසාධාරණයක් සිදුව ඇති බවය.Continue Reading

තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුත් ගෙන ලොකු සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. තමාට  වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම උවමනාවක් තිබුණෙ නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වෙලාවේ  තව කීපදෙනෙක් අරන්Continue Reading

තමන්ට ආදරේ නම් මැතිවරණය පවත්වන්නැයි  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා පැවසීය. පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් නොවන්නැයි කියා  තමාට පණිවිඩ එව්වා යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අසත්‍යයක් බව කී රහුමාන් මහතා ජනාධිපතිවරයා ගේ සිතේ තමා ගැන එවන් ආදරයක් තිබේ නම් කළContinue Reading