ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙසත් කථානායකවරයාට තාවකාලික ජනාධිපති ධුරය භාර ගැනීමටත් තීරණය කරන බව හදිසි පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් රාවුෆ් හකීම් පවසනවා.මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සූම් තාක්ෂණය ඔස්සේ මෙම පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වියContinue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්විය යුතු බවට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කර ඇති බව වාර්තා වේ. මේ වනවිට කතානායක නිලනිවසේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත. මෙම පක්ෂ නායක හමුවට පක්ෂContinue Reading

පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.ඒ බව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.ඒ අද (09) දින සිදුවන සිදුවීම් මාලාව අනුව ජනාධිපති ලෙස තම වගකීම්, බලතලContinue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සියලු පක්ෂ අතර සාකච්ඡාවක් පවත්වමින් සිටින අතර ඉදිරි සතිය තුල නව ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය කටයුතු ‍බොහෝ දුරට අවසන් විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අප වෙත පැවසීය. දැනටමත් ජාතික ජන බලවේගය හැර සෙසු සියළු පක්ෂ මෙම සාකච්ඡාවට සම්බන්දව සිටින අතරContinue Reading

නව රජයක් බිහිකිරීමේ මහජන සටනට අපිත් එක්ක ඔක්කොම එකට එකතු වෙලා අත්වැල් බැඳගමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (08 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. අරගලකරුවන් අපේ සියලු දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන සියලු නායකයන් එක්සත්ව අද දිනයේContinue Reading

රටේ සහ පුරවැසියන්ගේ සකලවිධ බලාපොරොත්තු සුනු විසුණු කර මුළුමහත් රටම අතිශය බරපතළ ඛේදවාචකයකට තල්ලු කර දමා ඇති රජයට අවසන් පණිවිඩය නිකුත් කළ යුතු මොහොත පැමිණ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.වසර දෙකකට වැඩි කාලයක් පුරා අදුරදර්ශි, උද්ධච්ච සහ අන්තනෝමතික පාලනය තුළින් රටට උරුම වී ඇත්තේ ඛේදනීය වර්තමානයකුත්, අන්ධකාර අනාගතයකුත් පමණක්Continue Reading

රට ගිනි අරන් තිබියෙදී ගෝටා-රනිල් ජෝඩුව ගිනිකෙළි සන්දර්ශන බලමින් ඉන්නවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (08) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුකදී අවධාරණය කළේය. බත්තර මුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්ලාලයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූContinue Reading

අරගලකරුවන් විසින් හෙට (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩ අරගලයක නිරතවීමට ගත් තීරණයට තම සහාය නිරතුරුව හිමි වන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසයි. එම නිවේදනය පහතින්, අරගලකරුවන් විසින් හෙට (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩContinue Reading

ගෝල්ෆේස් අරගලකරුවන් පවත්වන විරෝධතාවට අපේ පූර්ණ සහයෝගය පළ කරන අතර රටේ විවිධ ප්‍රදේශවලින් විවිධ ක්ෂේත්‍රවලින් එයට සහභාගි වෙන්න සූදානම් වෙන ජනතාවට අපි විශේෂ කරුණක් අවධාරණය කරනවා. ආණ්ඩුවේ නොහැකියාව, හැඟීම් නැතිකම, ජනතාව තේරුම් ගැනීමට අපොහොසත් වීම තුළ ඔවුන් දන්නේ මර්දනය කිරීමේ ක්‍රමය විතරයි. ඒ නිසා අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සාමකාමීව මේContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් හත් දෙනකු තීරණය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම පිරිස සාකච්ඡා කර ඇත්තේ රට තුළ ඇතිවෙමින් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නවContinue Reading