IOC සමාගම ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවත් පුළුල් කර තිබෙනවා.
ත්රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා තවත් බවුසර් රථ යොදවා ඇති බව එම සමාගම පැවසුවා.
ඒ අනුව අද දිනයේ සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමටයි එම සමාගම අපේක්ෂා කරන්නේ.
අද දිනයේත් IOC පිරවුම්හල් ආශ්රිතව දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
මේ අතර අද (01) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා IOC සමාගම විසින් ප්රකාශයට පත් කර තිබෙනවා.
ට්වටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කර ඇත්තේ ජුනි 30 වැනි දින ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්රිකුණාමලය පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කළ බවයි.
එම ඉන්ධන ලැබෙන පිරවුම්හල් ලැයිස්තුව පහතින්,
