සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වන ඩිලාන් හා අනුරුද්ධට CID යෙන් කැදවීමක්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙපලක් වන ඩිලාන් සේනානායක හා අනුරුද්ධ බංඩාරට හෙට දිනයේ(04) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පෙනී සිටින ලෙස දැණුම් දී ඇත. මෙම කැඳවීම පැහැදිලි හේතුවක් සඳහන් නොකිරීම නිසා ඔවුන් සිය නීතීඥවරුන් මගින් ඉල්ලීම් ලිපියක් යවා ඔවුන්ගෙන් එම කැඳවීම කලේ කුමකටදැයි විමසූ විට එය අරගලය සම්බන්ධව නොව අරගලය තුලදි ගිය Live වීඩියෝවක් තුලදි මේ තරම් රට පහලින් පහලට වට්ට්න්න උර දුන් සමාජ මාධ්‍යයේ විවිධ හැකියාවන් පෙන්වූ සුප්‍රසිද්ධ පුද්ගලයෙකු පිලිබද සඳහන් කලා යැයි කියවෙන වෙනත් කාරණාවක් බව සඳහන් කර ඇත.

අරගලයට සම්බන්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් මෙන්ම අරගලකරුවන්ද විටින් විට විවිධ හේතු දක්වමින් මීට පෙරද අවස්ථා ගනනාවකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුය වෙත කැදවීම් සිදු කරනු ලැබීය.දේශපාලන පක්ෂ හා විවිධ සිවිල් සංවිධාන මෙන්ම පුරවැසියන්ද මෙයට දැඩි විරෝධයක් එල්ල කළද එහි නැවතීමක් තවමන් පෙනෙන්නට නොමැත.

Leave a Reply

Your email address will not be published.