කන්දකාඩු සිද්ධිය ගැන විමර්ශන වාර්තාව අද එළියට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව අද (05) තමන් වෙත ලැබෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

එම වාර්තාව අද දිනයේ හෝ හෙට (06) දිනයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිත බව ඔහු පැවසුවේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කළේය.

මේ අතර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් නොසන්සුන්තාව අතරතුර පළාගිය රැඳවියන් 800කට ආසන්න පිරිසකටගෙන් රැඳවියන් 701 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර  තිබේ.

තවත් 27 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පුනරුත්ථාපන කොමාසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.