අදත් තරමක තද සුළං

තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට පැයට කිලෝ මීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවය.

එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඌව පළාතේ ස්ථාන කිහිපයක සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.