තුර්කි ගුවන් යානයක් කටුනායක දී අනතුරට

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් , කටුනායක ගුවන් තොටුපළේ දී ආපසු පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබේ .

 මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.- 330 – 300  එයා බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි .

ටී.කේ.- 6050 දරන  මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙන   කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙට්‍රික් ටොන් 45 ක් බරැති ඇගලුම් තොගයක් රැගෙන නැවත ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම් වෙමින් තිබිය දී මෙම අනතුරට ලක් වී ඇත

කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයේ පැවති දැඩි සුළං තත්වය ( ඇසළ කුණාටු තත්වය ) නිසා , මෙම ගුවන් යානයට පැටවීම සදහා රැගෙන විත් තිබූ බහාලුමක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම්  ක්‍රියාකරුවන් විසින් නිසි පරිදි  තිරිංග නොයොදා , අදාළ ගුවන් යානය අසළ නවතා තැබීමෙන් පසුව , එම බහාලුම  ගුවන් යානය දෙසට හැමූ වේගවත්  සුළගට ගසා ගෙන ගොස් එහි ඇංජිමක ගැටීමෙන්  මෙම අනතුර සිදු වී තිබේ .

මෙම සිදුවීමෙන් මෙම ගුවන් යානයේ දකුණු පස අංක 02 දරන ඇංජිම අනතුරට පත් වී තිබේ .

Leave a Reply

Your email address will not be published.