බවුසර් 18ක තෙල් අල්ලයි

ඉන්ධන තොග සඟවාගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කළ මෙහෙයුම්වලින් ඊයේ (7) වන විට බවුසර් 18කට අධික ප්‍රමාණයක ඉන්ධන සොයාගෙන තිබේ.

ඩීසල් ලීටර් 68,168ක්, පෙට්‍රල් ලීටර් 32,122ක් සහ භූමිතෙල් ලීඩර් 19,098ක් වශයෙන් ඉන්ධන ලීටර් 119,388ක් වැටලීම්වලින් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මේ ඉන්ධන තොගය සොයා ගැනෙන්නේ වැටලීම් 1,000කදීය. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 930කි.

මේ ඉන්ධන තොග සඟවාගෙන වැඩි මිලට අලෙවි කරමින් මේ පිරිස සිට ඇති බවත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත් නිහාල් තල්දූව මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.