ජූලි 18 සිට පාසල් විවෘත කෙරේ

2022 වර්ෂයට අදාල පාසල් දින දර්ශනයට අනුව ජූලි 18 වැනි සඳුදා දින සිට පාසල් විවෘත කෙරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියා.

ඒ අනුව ඊයේ (08) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු අතිරේක ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, විෂය අධ්‍යක්ෂකවරු සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ද සම්බන්ධකර ගනිමින් වර්තමානයේ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා ද පදනම් ව වෘත්තීය සමිතිවල අදහස් ද ලබාගෙන අදාළ තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව11 සිට ජූලි මස15 දින දක්වා දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු ලබා දෙන අතර, 2022 වර්ෂයට අදාල පාසල් දින දර්ශනයට අනුව ජූලි මස 18 සඳුදා දින සිට පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published.