ජනපති නොතකා සර්ව පාක්ෂික ආණ්ඩුවක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ වන විට සියලු පක්ෂ අතර සාකච්ඡාවක් පවත්වමින් සිටින අතර ඉදිරි සතිය තුල නව ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය කටයුතු ‍බොහෝ දුරට අවසන් විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා අප වෙත පැවසීය.

දැනටමත් ජාතික ජන බලවේගය හැර සෙසු සියළු පක්ෂ මෙම සාකච්ඡාවට සම්බන්දව සිටින අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 40 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීනව කටයුතු කරනු ලබන බවත් තවත් පිරිසක් මෙම නව ආණ්ඩුවට සහයෝගය දීමට අපේක්ෂාවෙන් සිටින බවද හෙතෙම පැවසීය..

මෙසේ පිහිටවන සර්වපාක්ෂික ආණ්ඩුවේ පක්ෂ නායකයන් අමාත්‍යධුර බාර නොගනු ඇති බවත් ඔවුන් ප්‍රතිපත්ති සම්පාදනය කරන නායකත්ව මණ්ඩලයක සිටිනු ඇති බවත් පැවසූ ඔහු අමාත්‍යවරුන් විසින් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනු ඇති බවද සඳහන් කළේය.

නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමෙන් පසුව නව ව්‍යවස්ථාවක් සම්මත කොට ජනාධිපතිවරයා සතු බලතල අඩුකොට පාර්ලිමේන්තුවට බලය ගෙන නව ආණ්ඩුව පවත්වා ගෙන යා හැකි බව පැවසු ඒ මහතා පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා ඉවත් කරීමට නම් නව ආණ්ඩුව ආරම්භකර දෝෂාභියෝගයක් මගින් එය සිදු කළ යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.