රුසියාවට දැමූ සම්බාධක ශ්‍රී ලංකාවට අදාළ නෑ

රුසියානු බොරතෙල් සඳහා අමෙරිකාව පනවා ඇති සම්බාධක ශ්‍රී ලංකාවට බල නොපාන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව දී ඇති සහාය පිළිබඳ දැනුම්වත් කරමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යා යුත්තේ කෙසේ දැයි අමෙරිකා එක්සත් ජනපදය උපදෙස් නොදෙන බවත් එය ශ්‍රී ලංකා රජයේ තීරණයක් බවත් ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.

යුක්රේන – රුසියා යුද්ධය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇතත් එය තුන්වැනි පාර්ශ්වයකට බල නොපාන බව ද ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.

අමෙරිකා එක්සත් ජනපදයට තම බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව තිබෙන බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. අමෙරිකා එක්සත් ජනපදය රුසියානු බොරතෙල් සඳහා සම්බාධක පනවා ඇත්තේ අමෙරිකාව තුළ පමණක් බවත් තුන්වැනි පාර්ශ්ව රුසියානු බොරතෙල් මිලදී ගන්නවා ද නැද්ද යන තීරණය එම රටවල තීරණයක් බවත් ඒ මහත්මිය තවදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published.