විදුලියට රුපියල් බිලියනයක් ඉතිරි කරන්න මණ්ඩලයෙන් නව ක්‍රමවේද තුනක්

පෙර මුද්‍රිත බිල්පත් නිකුත් කිරීමේදී වැය කෙරෙන රුපියල් බිලියනයකට වැඩි මුදලක් ඉතිරි කර ගැනීම සඳහා නව ක්‍රමවේද තුනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම (Thermal spot bill printing) කෙටි පණිවිඩ මගින් (sms) හා ජංගම දුරකතන යෙදුම (CEBC care) ලෙස මේ ත්‍රිත්ව ක්‍රමවේද හඳුන්වා දී ඇත.

පෙර මුද්‍රිත ක්‍රමයේදී වැය කෙරෙන රුපියල් බිලියනයකට වැඩි මුදල ඉතිරි කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

සාම්ප්‍රදායික පෙර මුද්‍රිත විදුලි බිල වෙනුවට පාරිභෝගිකයාගේ පරිශ්‍රය වෙත ගොස් විදුලි මීටරය කියවා එහි දත්ත අනුව එවේලේම විදුලි බිල මුද්‍රණය කර දීම මේ නව ක්‍රමවේදයයි.

විදුලි බිල්පත් පෙරාතුව මුද්‍රණය කර බෙදාහැරීම වර්තමානයේ මතුව ඇති කඩදාසි හිඟය හේතුවෙන් කළ නොහැකි වීම මත මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, මේ නව ක්‍රමවේද වෙත යොමු වීම කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පමණක් නොව මුද්‍රිත බිල්පත් සඳහා වැය වන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක වසරකට රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දීමට ද විදුලිබල මණ්ඩලයට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

මනු කියවීමේදී විදුලි පාරිභෝගිකයාට මුද්‍රිත බිලක් අවශ්‍ය නම් පමණක් මේ බිල්පත ලබා දෙයි.

ඊට අමතරව මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකතන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මගින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.

Leave a Reply

Your email address will not be published.