ගෑස් අර්බුදයට තිත තබමින් පළමු නෞකාව දිවයිනට

ගෑස් අර්බුදයට තිත තබමින් ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වෙයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව හෙට (11) සවස පැමිණේ. 

පළමු නෞකාව අද(10) පස්වරු 3ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් සහිත තෙවන නෞකාව ජුලි (15) මෙරටට පැමිණෙන අතර මේ මස සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000කි. 

ජුලි 12 වැනිදා සිට ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදු වන අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන් මඟහැරෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published.