ජනාධිපති ගෝඨාගෙන් ගැසට්ටුවක්

ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා අද (13) සිට බලපැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

තමන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිධූරයේ බලතල, කාර්යය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් එම කාලය තුළ කටයුතු කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් පැවරෙන බලතල අනුව මෙම පත්වීම කරන බව එහි දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.