ඩලස්ට පොදුජන පෙරමුණේ සහායක් නෑ ! සහාය දෙන්නේ වැඩබලන ජනපතිට – සාගර කාරියවසම්

ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තීරණය කර ඇති හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට සහය නොදක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට පොදුජන පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බවයි. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධුරයට තරග කිරීමට තීරණය කළ ද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි සාගර කාරියවසම් කියාසිටියේ.
ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාම යෝජනා කැඳවන අවස්ථාවේ තමන් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ සාම්ප්‍රදායික බෙදීම් වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තමන්ගේ අරමුණ බවයි.
එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමඳ සහය, තමන් අපේක්ෂා කරන බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published.