ස්ටිව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳව ජෝන් හොප්කින්ස් සරසවිය මාසිකව නිකුත් කරනු ලබන උද්ධමන වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ.

එම උද්ධමන වාර්තාවට අනුව, පසුගිය මාසයේ දෙවන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මෙම මාසයේදී තෙවන ස්ථානයට පත්ව ඇති බව උද්ධමන දර්ශකයේ දැක්වේ.

පසුගිය මාසයේ තෙවන ස්ථානයේ සිටි තුර්කිය මෙම මාසයේදී දෙවන ස්ථානයේ පසුවේ.

සිම්බාබ්වේ තවදුරට ත් උද්ධමන දර්ශකයේ පළමු ස්ථානයේ රැඳී සිටින අතර එරට උද්ධමන සටහන් වී ඇත්තේ 191.60%ක් ලෙස ය.

21%ක උද්ධමනයක් ඇති පකිස්තානය උද්ධමන දර්ශකයේ සිටින්නේ, 12 වන ස්ථානයේ ය.

ජෝන් හොප්කින්ස් සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටිව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකය ලොව ප්‍රධානතම උද්ධමන විශ්ලේෂණ නිර්ණායකය ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published.