වැඩබලන ජනපති ප්‍රතිකාර ලබන හමුදා සෙබළු හමුවෙයි

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුවාල ලැබූ හමුදා සෙබළුන් හමුවී ඔවුන්ගේ සුවදුක් සොයාබැලීය.

අද (15) හමුදා රෝහල වෙත ගිය වැඩබලන ජනාධිපතිවරයා, එහි ප්‍රතිකාර ලබන හමුදා සෙබළුන් සමඟ සුහඳ කතාබහක නිරත විය.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ  මහතා ඇතුළු හමුදා නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

පසුගිය දිනවල යුද්ධ හමුදා සාමාජිකයින් රාජකාරියේ නියැලෙමින් , කැපවීමෙන් කටයුතු කරනු ලැබූ අතර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය දා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් යුද හමුදා රෝහලේ මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published.