ශ්‍රී ලංකාව සමඟ ඉක්මණින් යළි සාකච්ඡා ආරම්භ කිරීමට IMF සූදානමින්

ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් සමග හැකි ඉක්මණින් යළි සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය දැඩි කනස්සල්ලට කරුණක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබද සාකච්ඡා යළි ආරම්භ කිරීමට නම් වත්මන් තත්ත්වය සමනය විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ගෙරී රයිස් පවසයි.

ඔහු බ්‍රහස්පතින්දා පැවති අන්තර්ජාල මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කර ඇත. 

එමෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බයි එම අරමුදල ප්‍රකාශ කරයි. 

IMF කාර්ය මණ්ඩල කණ්ඩායමක් පසුගිය මස අගදී කොළඹට පැමිණ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව සිහිපත් කළ සන්නිවේදන අධ්‍යක්ෂවරයා, IMF වැඩසටහනකින් සහය විය හැකි ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ මාලාවක් පිළිබඳව ඔවුන් ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.