අමෙරිකාවේ ‍‍ෆ්‍රෙඩ් කේලි ලොව වේගවත්ම ක්‍රීඩකයා වෙයි

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට අමෙරිකාවේ ‍‍ෆ්‍රෙඩ් කේලි සමත් වෙයි.

ඒ, අමෙරිකාවේ ඔරිගන් හිදී පැවැත්වෙන තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්ව ජය ගනිමින්ය.

ෆ්‍රෙඩ් කේලි තරගය නිම කළේ, තප්පර 9.86 ක කාලයක් වාර්තා කරමින්ය. ඔහු ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්වේ රිදී පදක්කම ද හිමි කර ගැනීමට සමත් විය.

මීටර 100 ධාවන ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන් ද අමෙරිකානු ක්‍රීඩකයින් දිනා ගැනීම විශේෂත්වයකි. මර්වින් ‍බ්‍රර්සි ක්‍රීඩකයාට දෙවැනි ස්ථාන හිමි වූ අතර, ට්‍රෙයිවෝන් බෲමේල් ක්‍රීඩකයා තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

Leave a Reply

Your email address will not be published.