පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරයි

අද (17) රාත්‍රි 10.00 සිට ඉන්ධන මිල පහත දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක හා ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 20කින් අඩුවන අතර, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක හා ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීරයක මිල රුපියල් 10කින් සංශෝධනය වනු ඇත.

ඒ අනුව නව ඉන්ධන මිල වන්නේ :

පෙට්‍රල් 92 – රු.450

පෙට්‍රල් 95 – රු.540

සුදු ඩීසල් – රු.440

සුපර් ඩීසල් – රු.510

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජූලි 21දා සිට අඛණ්ඩව පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, දැනටමත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් හඳුන්වා දි ඇති ජාතික ඉන්ධන අවසරපත (National Fuel Pass) ලබාගැනීමට https://fuelpass.gov.lk වෙත පිවිස ලියාපදිංචි වන ලෙසත්ය.

එබැවින් ඉන්ධන පිරවුම්හල් අසල රැස්ව නොසිටින ලෙසත් මාර් දෙපස වාහන පෝලිම්කර තැබීමෙන් වලකින ලෙසටත් සිපෙට්කෝ පාරිභෝගිකයන්ගෙන් එම සමාගම ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published.