ඉන්ධන දෙන්න නම් පෝලිමෙන් යන්න

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඊළඟ බෙදාහැරීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය සහ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනිවාර්ය බවත් දැනට පෝලිම්වල තිබෙන වාහන ඉවත්කිරීමෙන් පසුව පමණක් ඉන්ධන බෙදාහරින බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

බෙදාහැරීම ආරම්භ කරන තුරු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස අඛණ්ඩ ඉල්ලීම් කර ඇති බවත් ජාතික ඉන්ධන බලපත්‍රය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනතාවගේ සහය අනිවාර්යෙන් අවශ්‍ය බවත් අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.

කෙසේ වුවද අද සවස් වන විටත් ඇතැම් ප්‍රදේශවල දැඩි පොලිම් දක්නට ලැබිණි

 ගම්පහ, කොළඹ,කළුතර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පෝලිම්වල සිටිනු දක්නට ලැබිණි.

ගම්පහ ප්‍රදේශයේ ඉන්ධන පෝලිම්

Leave a Reply

Your email address will not be published.