රනිල්ගෙ ගෙට ගිනි තැබූ බවට සැක නියෝමාල්ගේ පුතා 10 දා ඩුබායි පැනලා

කලබලකාරී වාතාවරණය පැවති පසුගිය ජූලි 09 වනදා සන්ධ්‍යා කාලයේ රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට  ගිනි තබා විනාශ කිරීමට සම්බන්ධවූ අය ගැන සීසීඩීය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එහිදී හෙළිවී ඇත්තේ
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන නියෝමාල් පෙරේරාගේ පුත්‍රයා මීට සම්බන්ධ බවයි. ඉවාන් පෙරේරා නමැති ඔහු සිද්ධිය වූ දිනට පසුදින එනම් 10 වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්වූ යානයක නැගී පළා ගොස් ඇතිබවටද තොරතුරු අනාවරණය වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ සැකකරුගේ පියා වන නියෝමාල් පෙරේරා මහින්ද රාජපක්ෂ රජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත්,


පසුව ඔහු එම පක්ෂයෙන් ඉවත්ව සමගින් ජන බලවේගයට එක්ව ඇති බවත්ය. ඔහු සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු හා ආසන සංවිධායකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ.

ඉකුත් 9වැනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිය අත්පත්කර ගැනීමෙන් පසුව මෙම සැකකරු රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්නයට ගොස් ජනාධිපති මන්දිරය වැටලුවා වගේම රනිල් වික්‍රමසිංහගේ නිවසත් වැටලීමට යන බවත්, රට වටින් පිරිසට ඒ සඳහා පැමිණෙන ලෙසටත්, සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් ඉල්ලා සිට ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලිපිය අතට ලබාගන්නා තෙක් එම නිවසින් පිටව නොයන බවට ද ඔහු වීඩියෝව හරහා ඉල්ලීම් කර තිබිණි.


මේ සඳහා ආධාර අනුබල ලබා දෙමින් මෙම වීඩියෝ පටය එහි සිට පටිගත කළ කාන්තාවක සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම කාන්තාව අවස්ථා කිහිපයක්ම කොළඹ ඇතුළු ප්‍රදේශවල අරගලවල නිරතව සිටි දේශපාලනික කතක සමග සම්බන්ධවෙමින් ඇය සමග අරගලවල නිරත වී සිට ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිදුවීම්වලට අදාළ සියලු වීඩියෝ සහ ඡායාරූප රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවද අපරාධ පරිණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. මෙම සිද්ධියට සම්බන්ධ දැනට හඳුනාගෙන ඇති සැකකරුවන් රැසක් රටින් පලා යෑමේ සුදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි

Leave a Reply

Your email address will not be published.