‘රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා‘ කියන අය අල්ලනවාලු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් පළ කරන සමාජ ජාලා ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන්කරයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙලෙස පිරිස් අල්ලන බව පොලිස් නිවේදනයේ දැක්වේ.
අවසන් වරට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ සිදු කළ කථාවේදීද මේ සම්බන්ධ උපදෙස් ලබාදී ඇතිබව ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ පාරිල්මේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව සියලු ඇමතිවරුන්ට අගමැති හෝ ජනාධිපතිවරයාට කියා වෙනසක් නැතිව විවිධ අදහස් පළ කිරීම් සමාජ මාධය ඔස්සේ සිදු කළත් මෙවැනි පොලිස් නිවේදනයක් නිකුත් වී නොතිබිණි.
මෙම නිවේදනයට ආසන්න හේතුව ලෙස සැලකිය හැක්කේ බදාදා පවත්වන ජනපති ඡන්ද විමසීමයි.
මේ සඳහා ඡන්දය ප්‍රකාශ කරන 224 දෙනා තර්ජන වලින් ආරක්ෂා කිරීම අරමුණ බව හඳුනාගන්නට ලැබේ.
ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් අතරින් ‘රනිල්ට ඡන්දෙ දීලා ගමට එන්න එපා‘ වැනි තර්ජනාත්මක අදහස් හැරෙන්නට වෙනත් අපේක්ෂකයින් මුල් කරගෙන පෝස්ටු හඳුනාගන්නට නොලැබෙන අතර එබැවින් එකී අදහස පතුරන අය ඉලක්ක කර පොලිසිය ක්‍රියාකරන්නට යන ආකාරයක් හඳුනාගන්නට ලැබේ.

අදාළ පොලිස් නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published.