කෘත්‍රීම පාදයක් සහිත රියදුරු පැදවූ වෑන් රථයට යටවී ගැබිණි බිරිය හා සැමියා මරුට

බුත්තල – වැල්ලවාය මර්ගයේ බුරුත හන්දිය ප්‍රදේශයේදී අද (17) සිදුවූ රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස ගැබිණි බිරියක හා ඇගේ සැමියා මියගොස් තිබේ.
අද (17) සවස් කාලයේදී බුත්තල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි යුවළකගේ ගැටී එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් මියගොස් ඇත්තේ, 37 හැවිරිදි පුද්ගයෙකු හා 32 හැවිරිදි ගැබිනි කාන්තාවකි. ඔවුන් වෙහෙරගල මාවත, කුඩාඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
අනතුරින් පසු වෑන් රථයේ රියදුරා පළාගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරුගේ වම් පාදය ඉවත්කිරීමක් කර ඇති නිසා කෘත්‍රීම පාදයක් දමා ඇති අයෙකු විය. මෙවැනි ආබාධිත අයෙකුට රිය පැදවීමට නීතියෙන්අවසර නැති නමුත් ඔහු කාලයක් තිස්සේ සිය ආබාධය සඟවමින් රිය ධාවනය කර ඇති බව වාර්තාවේ.
ගැබිණි මව ඇගේ දරුවා ප්‍රසූත කිරීමට තවත් දින දෙකක් පමණ ඉතිරිව තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුකල වෑන් රථය නොනවත්වාම ඉදිරියට ධාවනය කර පසුව කුකුරන්පොළ ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
අනතුරින් පසුව ප්‍රදේශවාසීන් එම වෑන් රථයට පහරදී හානිකර තිබූ අතර ඔවුන් වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයකද නිරත වූ බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්

Leave a Reply

Your email address will not be published.