ශ්‍රීලනිපයේ සහාය ඩලස්ට

ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂයේ සහයෝගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබා දීමට තීරණය කර ඇත. 

අද(19) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙය තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම්පා ර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම සදහා පළමුවරට පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද සිදුවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වීමත් සමඟ රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පමණක් හෙට (20) පැවැත්වෙන ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඉතිරි ධුර කාලය සදහා නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට අදාල නාම යෝජනා බාර ගැනිම අද සිදුකෙරුණි. 

Leave a Reply

Your email address will not be published.