QR කේතයට අනුව ඉන්ධන ලබාදීම 25වැනිදා සිට

QR කේතය අනුව ඉන්ධන ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙල ලබන 25වැනිදා සිට ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

අනිද්දා සිට  24 දක්වා කොළඹ අවට ස්ථාන කිහිපයක දී එම වැඩසටහනේ පරීක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. නව වැඩපිළවෙල සදහා මේ  වන විට  වාහන ලක්ෂ 20ක් ලියාපදිංචි වී තිබේ. 

එමෙන්ම තවදුරටත් ලියාපදිංචි කිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා පවසයි. 

ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිම්වල රැදී සිටීමෙන් වැළකී හදුන්වා දුන් නව වැඩපිළිවෙළට සහාය දෙන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉල්ලීමක් කළා. 

මෙම වැඩපිළිවෙලට අදාල ඉන්ධන බෙදා හැරිමේ දින හදුන්වා දී ඇති අතර එම වැඩපිලවෙල මෙසේය. 

0, 1 සහ 2 අංක සදහා අගහරුවාදා සහ සෙනසුරාදා දිනයත් 3, 4, 5 සදහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයත් 6, 7, 8, 9 සදහා සදුදා, බදාදා  සහ සිකුරාදා දිනයත් වලංගුවන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.  

Leave a Reply

Your email address will not be published.