ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජන රජයේ අනුප්රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම පෙරවරු 11.45ට අවසන් වුණා.
ඒ අනුව ඡන්ද ගණන් කිරීම් කටයුතු ආරම්භ වුණේ පෙරවරු 11.46ට.
ඒ අනුවන් අදාළ ඡන්ද විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 225 අතරින් ඊට සහභාගි වී සිටියේ මන්ත්රීවරුන් 223ක් පමණි.
ඒ අනුව ඔවුන් 223 දෙනා ප්රකාශයට පත් කරන ලද ඡන්ද අතුරින්, ඡන්ද 219ක් වලංගු ඡන්ද වූ අතර ඡන්ද 4ක් නරක් වූ අවලංග ඡන්ද ලෙස තේරීම් භාර නිලධාරී ධම්මික දිසානායක ප්රකාශ කළා.
2022-07-20