ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Sergio Mattarella වෙත යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පෙරේදා පැවති විශ්වාසභංග විවාදයේ දී අගමැතිවරයාට සහාය දැක්වීම රජයේ පක්ෂ තුනක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තමා ඉවත්වන බවයි අගමැතිවරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබුණේ.

74 හැවිරිදි අගමැතිවරයා ඉතාලියේ ජනප්‍රිය චරිතයක්.

යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානියා ලෙස යුරෝපා කලාපීය අර්බුදය හසුරුවා ගැනීම සඳහා ඔහු සුපර් මාරියෝ ලෙසින් ද නම් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published.