ඉන්දීය ජනාධිපතිවරයා තෝරා ගැනීමට වන ඡන්ද ගණන් කිරීම අද

ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා අද (21) තෝරා පත් කර ගැනීමට නියමිතයයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ ඡන්ද විමසීමේ මනාප ගණන් කිරීමේ කටයුතු අද (21) පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිත බවයි.
අදාළ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31ක දී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ මධ්‍යස්ථාන 30ක දී පැවැත් වුණා.
භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ පක්ෂ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග වදින්නේ ගෝත්‍රික සම්භවයක් ඇති ද්‍රෞපදී මුර්මුයි.
ඇයගේ ප්‍රතිවාදියා ලෙස විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් සිංහා යි.
නමුත් බොහෝ දුරට ඉන්දියාවේ මීළඟ ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු තේරී පත් වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා දක්වන්නේ.
වත්මන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ධුර කාලය ජූලි 24 වැනිදායින් අවසන් වන අතර, අද තේරී පත්වන නව ජනාධිපතිවරයා ජූලි මස 25 වැනිදා ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.