ශ්‍රී ලංකාව අර්බුදයක, මූල්‍යාධාර ලබා දීය යුතුයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පුද්ගලික ණය දෙන්නන් සහ වෙනත් රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඉදිරිපත් විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මින් පෙර අත් නොවිදි දේශපාලන ව්‍යාකූලත්වයකට මුහුණදෙමින් සිටින බවයි.

මෙම තත්වය සමස්ත ජනතාවගේ මානව හිමිකම් බුක්ති විදිමේ අයිතියට බලපෑමක් සිදු කරන බව සඳහන්.

ණය අර්බුදයෙන් පීඩා විදින රටවල් මුහුණ දෙන බරපතල ප්‍රතිවිපාක මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමට බලපාන බව නැවත නැවත ශ්‍රී ලංකාව තුළ දුටු බවයි විදේශ ණය සහ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ අටියා වාරිස් පෙන්වා දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.