නව අගමැති දිනේෂ්

– පරණ කැබිනට්ටුවත් අද දිවුරයි
– සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූ පසු අලුත් කැබිනට් මණ්ඩලයක්

නව රජයේ අගමැතිවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) උදෑසන 10ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. නව ජනාධිපතිවරයා තේරී පත් වීමට පෙර සිටි කැබිනට් මණ්ඩලය ඔවුන් දැරූ අමාත්‍ය ධුරවල අද දහවල් 12.30ට යළි දිව්රුම් දෙන බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩු වූ අවස්ථාවලදී සභානායකවරයා දිවුරුම් දීමේ සම්ප්‍රදායක් පවතින බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය. මින් පෙර 1993දී ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු එවකට සිටි අගමැති ඩී.බී. විජේතුංග මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී එවකට සභා නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published.